හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කරයි.
පසුගිය සතියේ පැවැති පාර්ලිමේන්තු රැස්වීමේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉවත් කිරීමට ආණ්ඩුව ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරනු ලැබීය.
ඒ අනුව අද දිනයේ සිට හිටපු ජනාධිපතිවරුන් හට නියමිත ආරක්ෂාව පමණක් ලබා දෙන අතර, ඒ සඳහා පොලිස් නිලධාරීන් පමණක් යොදවනු ඇත.
ඊට අමතරව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව මාස 06කට වරක් සමාලෝචනය කර, ඒ අනුව ආරක්ෂාව ලබා දීම තීරණය කරන බව ද රජය මින් පවසා තිබුණි.
(ජනක බලල්ල)