TikTok සමාජ ජාලය වෙත ප්‍රවේශවීම වසරක කාලයක් සඳහා අවහිර කිරීමට ඇල්බේනියාවේ රජය විසින් තීරණය කරයි.
ළමයින්ට ඉන් ඇතිවී ඇති අහිතකර බලපෑම පිළිබඳ සලකා මෙම තීරණය ඇල්බේනියා රජය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම තහනම එළැඹෙන ජනවාරි මාසයෙන් ආරම්භ වන අතර, පසුගිය මාසයේ පාසලක 14 හැවිරිදි සිසුවෙකුට සිදුකළ පිහි ඇනුම් සිද්ධියක් හේතුකරගෙන ඔවුන් මෙම TikTok තහනම ප්‍රකාශ කර ඇති බව ද වාර්තා වෙයි.
කෙසේ වෙතත් යෝජිත TikTok තහනම පිළිබඳව ඇල්බේනියානු රජයෙන් හදිසි පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන බව TikTok ආයතනය පැවසීය.
TikTok ආයතනය පවසන්නේ ඝාතනය වූ 14 හැවිරිදි පාසල් සිසුවාට හෝ පිහියෙන් ඇන ඇතැයි කියන පුද්ගලයාට TikTok ගිණුම් තිබූ බවට කිසිදු සාක්ෂියක් හමු නොවූ බව ය.
(චම්ලි මධුහංස)