20 C
Sri Lanka
Friday, January 24, 2025

සහල් මෙට්‍රික් ටොන් 67,000ක් ආනයනය කර අවසන්

සහල් ආනයනය සඳහා රජය ලබා දී තිබූ කාලය තුළ සහල් මෙට්‍රික්ටොන් 67,000 ක් මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

ලබාදුන් කාලය තුළ මේ දක්වා සහල් මෙට්‍රික්ටොන් 67,000 ක් ආනයනය කර ඇත.

ඉන් මෙට්‍රික්ටොන් 28,500 ක් කැකුළු සහල් වන අතර ඉතිරි මෙට්‍රික් ටොන් 38,500 නාඩු සහල් වන බව සඳහන් වේ.

සහල් ආනයනය සඳහා පෞද්ගලික අංශයට හා රජයේ ආනයනකරුවන්ට රජය අවසර ලබා දී  ඊයේ (20) අවසන් වීමට නියමිතව තිබුණත්, ඒ වනවිට මෙරටට ගෙන්වා තිබුණු සහල් තොග ප්‍රමාණවත් නොවන බැවින් එම දිනය ජනවාරි 20 දක්වා කල් දැමීමට රජය යළි තීරණය කළේය.

කෙසේ වෙතත් මෙම සහල් හිඟය වෙනුවෙන් ආනයනය කිරීමට බලාපොරොත්තු වන උපරිම සීමාව සහල් මෙට්‍රික් ටොන් 70,000ක් පමණක්  බව ද රජය මීට පෙර පවසා තිබුණි.

More news>>>

Latest Articles