20.7 C
Sri Lanka
Friday, January 24, 2025

පුංචි ඡන්දය අලුත් අවුරුද්දට කලින්

පළාත් පාලන ඡන්දය ලබන වසරේ අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට බලාපොරොත්තුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (20) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා කලින් කැඳවා ඇති නාම යෝජනා අහෝසි කිරීමට කැබිනට් තීරණයක් ගෙන ඇති අතර, ඊට අදාළ පාර්ලිමේන්තු අනුමැතිය ජනවාරියේ ලබාගෙනයළි නාම යෝජනා කැඳවා අලුත් අවුරුද්දට පෙර ඡන්ද විමසීම පැවැත්වීමට හැකිවනු ඇති බව ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කළේය.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles