පෙර පාසල් හා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල උදෑසන ආහාර වේලකට ලබා දෙන මුදල 2025 සිට රු100ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කරයි.
ඊට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ(19) පැවැසීය.
මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය 2017 වසරේ සිට අඩු බර සහිත දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික මූලිකත්වය යටතේ ක්‍රියාත්මක වනඅතර, දැනටමත් දරුවන් 155,000 ක් පමණ එහි ප්‍රතිලාභ ලබන බවත්, ඒ අනුව එක් දරුවෙකුට දිනකට වෙන් වන්නේ රුපියල් 60/- ක මුදලක් බවත්, අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් එය ප්‍රමාණවත් නොවන බැවින්, මෙම මුදල රුපියල් 100/- දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.
අඩු බර සහිත දරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින පෙර පාසල් මධ්‍යස්ථානවලය යන්න නිර්නායකය කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, පෙර පාසල් තෝරාගැනීමේ ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර ඇති බවත්, මෙම යෝජනාව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද බවත්, අමාත්‍ය මණ්ඩලය විසින් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
(මානෙල් රත්නායක)
අදාළ කැබිනට් තීරණය පහතින්.