20 C
Sri Lanka
Friday, January 24, 2025

“On-Line සල්ලි හොයන්න ගිහින් මේවට අහුවෙන්න එපා” – මහබැංකුව

නීතිවිරෝධි මූල්‍ය යෝජනා ක්‍රම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනයේ ආයතන 20ක නම් සඳහන් වන අතර, එම මූල්‍ය යෝජනා ක්‍රම සම්බන්ධෙයන් මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බවත්, එම ආයතන අතුරින් ඇතැම් ආයතන සම්බන්ධව අධිකරණ කටයුතු ආරම්භ වී ඇති බවත්, මහබැංකුව සඳහන් කරයි.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය හා මාර්ගගත ප්‍රකාශනයන් මගින් තහනම් මූල්‍ය යෝජනා ක්‍රම පිළිබඳ තොරතුරු මහජනතාවට ලබා දෙන මහබැංකුව පවසයි.

මහ බැංකුව විසින් නිකුත් කළ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන ආයතන පහතින් දැක්වේ.

01. Tiens Lanka Health Care (Pvt) Ltd
02. Best Life International (Pvt) Ltd
03. Mark-Wo International (Pvt) Ltd
04. V M L International (Pvt) Ltd
05. Fast3Cycle International (Pvt) Ltd
06. Sport chain app, Sport chain zs society Sri Lanka
07. Onmax DT
08. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
09. Fastwin (Pvt) Ltd.
10. Fruugo Oline App/Fruugo Oline (Pvt) Ltd.
11. Ride to Three Freedom (Pvt) Ltd.
12. Qnet
13. Era Miracle (Pvt) Ltd and Genesis Business School
14. Ledger Block
15. Isimaga International (Pvt) Ltd.
16. Beecoin App and Sunbird Foundation
17. Windex Trading
18. The Enrich Life (Pvt) Ltd
19. Smart Win Entreprenuer (Private) Limited
20. Net Fore International (Private) Limited / Netrrix

(ජනක බලල්ල)

More news>>>

Latest Articles