මොහොමඩ් ෂියාම් ඝාතන නඩුවට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කරන ලද මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරනු ලැබ තිබේ.
ඒ අනුව අදාළ තීරණය අද (20) කොළඹ මහාධිකරණය මගින් විත්තිකරුවන්ට දැනුම් දී තිබේ.
එම තීරණය දැනුම්දීම සඳහා අදාළ නඩුවේ විත්තිකරුවන් වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබුණි.
එහි දී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විත්තිකරුවන්ට දැනුම් දී ඇත්තේ අදාළ දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර ඇති බව ය.
ඒ අනුව විත්තිකරුවන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කරන ලද මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරන ලද බව විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විත්තිකරුවන්ට දැනුම් දී ඇත.
(ජනක බලල්ල)