20 C
Sri Lanka
Friday, January 24, 2025

අර්ජුන් මහේන්ද්‍රන්ට විවෘත වරෙන්තු

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට හා අජාර් ගාර්දින් පුංචිහේවා යන සැකකරුවන්ට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබ තිබේ.

2015 වසරේ පෙබරවාරි 27 වැනිදා සිදුවූ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරුවන් දෙදෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණද, එකී නියෝගය අනුව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත් කර තිබේ.

ප්‍රශ්නගත බැඳුම්කර මිලදී ගැනීම මගින් රජයට රුපියල් මිලියන 600කට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව නඩු පවරනු ලැබ තිබුණි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles