රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වාර්ෂිකව පවත්වන වසර අවසාන ජාතිය ඇමතීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වෙනුවෙන් රුසියානු ජනතාව දින ගණනාවක් තිස්සේ ප්‍රශ්න යොමු කර ඇති බව සඳහන් වෙයි.
ඊට භාණ්ඩ මිල ඉහළ යෑම ආදී දේශීය ගැටළු මෙන් ම ගෝලීය ගැටළු ද ඇතුළත්ව ඇති බව වාර්තා වෙයි.
මෙය රුසියානු ජනපතිවරයාට ඉතා වැදගත් එකක් වන බව පෙන්වා දෙන විදෙස් මාධ්‍ය පවසන්නේ ඔහු ඊට ඉතා හොඳින් සූදානම් වන බව ය.
(චම්ලි මධූහංස)