T10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට අද(19) හැකි විය.
අවසන් මහා තරගය ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම සමග පැවැත්වුණු අතර, තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පවත්විණි.
පළමුව පන්දුවට පහරදුන් හම්බන්තොට කණ්ඩායම සිය පන්දු වාර 10 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 133ක් ලබා ගැනීමට සමත් විය.
ජැෆ්නා කණ්ඩායමට සිය පන්දු වාර 10 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 107ක් පමණි.
ඒ අනුව හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට ලකුණු 26 ජයක් හිමි විය.
(මානෙල් රත්නායක)