තමගේ පාලන සමයේ දී ජනාධිපති අරමුදලින් මුදල් ලබා දුන් ආකාරය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) නිවේදනයක් නිකුත් කර ඇත.
2022 වසර අවසන්වනවිට තිබුණු සියලු අයැදුම්පත් සඳහා ගෙවීම් සිදුකළ බව ම නිවේදනයේ සඳහන් වන අතර, ඒ සඳහා රුපියල් මිලියන 1515ක් වැය වූ බව ද සඳහන් වේ.
ඊට අමතරව 2023 වසරේ රුපියල් මිලියන 839ක් සහ 2024 වර්ෂයේ සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ දළ වශයෙන් රුපියල් මිලියන 450ක් වශයෙන් රෝගීන් සඳහා ගෙවා ඇති බව නිවේදනයෙන් පෙන්වා දෙයි.
මහජන නියෝජිතයන් පෞද්ගලිකවම විවිධ ඉල්ලීම් ඉදිරිපත් කළත් එක ඉල්ලීමකට හැර අනෙකුත් සියලු ඉල්ලීම් සඳහා ජනාධිපති අරමුදලේ පවතින සාමාන්‍ය ක්‍රමවේදය අනුගමනය කරමින් රුපියල් ලක්ෂ 10 ඉක්මවා කිසිදු මූල්‍යාධාරයක් ලබා දී නොමැති බව ද හිටපු ජනාධිපතිවරයා නිවේදනයෙන් පෙන්වා දෙයි.
එසේම, වෛද්‍ය ආධාර ඉල්ලීම් සඳහා වන අයදුම්පත් සලකා බලා දින තුනක් ඇතුළත ඒවාට මුදල් වෙන් කිරීමේ ක්‍රමවේදයක් තමා සකස් කළ බවද රනිල් වික්‍රමසිංහ මෙම නිවේදනය මගින් පවසා ඇත.
එසේ ම, 2022 ජූලි 31 දා වනවිට ජනාධිපති අරමුදලේ පැවැති රුපියල් මිලියන 7,000ක මුදල විවිධාකාර ගෙවීම් මධ්‍යයේ වුවත් 2024 සැප්තැම්බර් 21 වැනි දා වනවිට රුපියල් මිලියන 11,000 දක්වා එහි ශේෂය වැඩි කර ගැනීම ට හැකි වී ඇති බව ද නිවේදනයෙන් පෙන්වා දෙයි.
(ජනක බලල්ල)