ලුණු මෙට්‍රික්ටොන් 30,000 ක් ආනයනය කිරීමට ආණ්ඩුව අවසර දී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
රට තුළ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2025 වසරේ පළමු කාර්තුවේ දී දේශීය වෙළෙඳපොළේ ගෘහස්ථ හා කර්මාන්ත සඳහා අවශ්‍ය ලුණුවල හිඟයක් ඇති විය හැකි බවට නිරීක්ෂණය වී බැවින් ඊට පිළියමක් ලෙස මෙම රජය තීරණය ගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මේ සඳහා ණු නිෂ්පාදකයන් විසින් ඉල්ලිමක් ඉදිරිපත් කර තිබෙන බව පැවැසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පවතින තීරු බදු අනුපාතය අනුව, අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000 ක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දී ඇති බව ය.
අදාළ ලුණු තොගය 2025 වසරේ ජනවාරි මස 31 වැනි දා හෝ ඊට පෙර මෙරටට ආනයනය කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
එම ලුණු තොගය සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ආනයනය කර, දේශීය ලුණු නිෂ්පාදකයන් මඟින් වෙළෙඳපොළට සැපයීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
අදාළ කැබිනට් තීරණය පහතින්.