20 C
Sri Lanka
Friday, January 24, 2025

අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේටත් බාල්දියක්!

ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසට පෙත්සමක් ගොනු කර ඇතැයි වාර්තා වෙයි.

අදාළ පෙත්සම අභියාචනාධිකරණයට ගොනු කරනු ලැබ ඇත්තේ අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල විසින් බව ද සඳහන් වෙයි.

මෙම පෙත්සම වගඋත්තරෙකරුවන් ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ හා පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇතැයි වාර්තා වෙයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ලෙස සේවය කරමින් සිටිය දී උපාලි පන්නිලගේ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කර ඇති බව පෙත්සම්කරු පවසයි.

එමෙන්ම උපාලි පන්නිලගේ තවදුරටත් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු වශයෙන් සේවය කරන බව පෙත්සමෙන් පෙන්වා දෙයි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles