වාහන ආනයන සීමා අදියර තුනක් යටතේ ලිහිල් කිරීමට අදාළ ගැටස් නිවේදනය ජනපති අනුරගේ අත්සනින් අද(18) නිකුත් කෙරේ.
එහි පළහු අදියට දෙසැම්බර් 14 වැනි දා සිට ක්‍රියාත්මක අතර, මගී ප්‍රවාහනයට හා විශේෂ කාර්යයන් සඳහා භාවිත කෙරෙන මෝටර් රථ ආනයනය කිරීමට එමගින් අවසර හිමි වෙයි.
මෙහි දී ගෙන්විය යුත්තේ ආසන 25ට වැඩි, නිෂ්පාදිත වර්ෂය වසර 5ට අඩු බස් රථ බවට රජය නිර්දේශ කර ඇත.
ඇතැම් පෞදිගලික ආනයන සමාගම් මේ වනවිට ඊට අදාළ සිය වාහන තොග ගෙන්වා ඇති බව වාර්තා වේ.
භාණ්ඩ ප්‍රවාහන රථ හා පෞගලික පරිහරණ රථ ගෙන්වීම 2025 පෙබරවාරි පළමු වැනි දා සිට අරඹීමට ද රජය අවසර දී තිබේ.
ජනාධිපතිවරයා විසර්ජන කෙටුම්පත ඉදිරිපත් කරමින් කළ කථාවේ සඳහන් වන්නේ මෙලෙස වාහන ආනයනය කිරීමෙන් කිසිදු ඩොලර් හිඟයක් ඇති නොවන බව ය. මහබැංකුව සමග ඊට අදාළව දීර්ඝ ලෙස සාකච්ඡා කොට මෙම තීරණයට එලැඹි බව ද ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කළේය.
(නායක බණ්ඩාර)