විපක්ෂයේ නව මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද(17) උදෑසන නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ ෆයිසර් මුස්තාෆා මෙලෙස දිවුරුම් එක් මන්ත්‍රීවරයෙකි.
සමගි ජන සංධානය නියෝජනය කරමින් එහි ජාතික ලැයිස්තුවෙන් නම්කළ සුජීව සේනසිංහ, මුහම්මදු ඉස්මයිල් මුත්තු මුහම්මදු සහ මනෝ ගනේෂන් ද අද එලෙස දිවුරුම් දුන් සෙසු මන්ත්‍රීවරුන් ය.
(ජනක බලල්ල)