නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න තේරී පත්විය.
ඒ අද (17) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් පසු නව කථානායකවරයා ලෙස වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ නම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් යෝජනා කළ අතර, සභා නායක බිමල් රත්නායක විසින් කළ සිථිර කරනු ලැබුණි.
කෙසේ වෙතත් සමගි ජන බලවේගයෙන්ද කථානායකවරයකු ඉදිරිපත් කරන බ පවසා තිබුණත් අද එවැනි යෝජනාවක් සභාවට ඉදිරිපත් වූයේ නැත.
(ජනක බලල්ල)