මියන්මාර මිනිස් ජාවාරම්කරුවන් විසින් බලහත්කාරයෙන් රඳවා තබා ගනු ලැබ සිටි කාන්තාවන් 08 දෙනෙකු ඇතුළු 27 දෙනෙකු ඊයේ (16) දිවයිනට පැමිණ තිබේ.
තවත් ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු මෙම මිනිස් ජාවරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටින බවට වාර්තා වන අතර ඔවුන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස විදෙස් කටයුතු විෂය භාර අමාත්‍ය විජිත හේරත් අවශ්‍ය අංශ වෙත උපදෙස් ලබාදී තිබුණි.
(ජනක බලල්ල)