2025 වර්ෂය සඳහා වාර කාලසටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
අදාළ කාලසටහනට අනුව පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර, එහි පළමු අදියර ජනවාරි 27 වැනි දා සිට මාර්තු 14 වැනි දා දක්වා කාලය යි.
පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අප්‍රේල් 01 සිට 11 වැනි දා දක්වාත්, තෙවැනි අදියර අප්‍රේල් 21 වැනි දා සිට මැයි 09 වැනි දා දක්වාත් ක්‍රියාත්මක වේ.
දෙවැනි පාසැල් වාරය මැයි 14 වැනිදා සිට අගෝස්තු 07 වැනි දා දක්වා ක්‍රියාත්මක වීමට තීරණය කර ඇත.
(මානෙල් රත්නායක)