ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර නිල ද්වීපාර්ශ්වික සාකච්ඡා අග්‍රාමාත්‍ය නිල නිවස වන හයිද්‍රාබාද් මන්දිරයේ දී අද (16) පස්වරුවේ අරඹා ඇත.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ද්විත්ව බදුකරණය වැළැක්වීම පිළිබඳ, රාජ්‍ය නිලධාරීන්ගේ ශක්‍යතා වර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම් රාජ්‍ය නායකයන් අතර එහි දී හුවමාරු වූ බව ය.
භෞතික, ඩිජිටල් සහ බලශක්ති යන කුළුණු තුන ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය දැක්වීමට ද දෙරට අතර විදුලිබල ජාල සම්බන්ධතාවය සහ බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගය ස්ථාපිත කිරීම යන ව්‍යාපෘති සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කර තිබේ.
එමෙන්ම අනුරාධපුර දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය සහ කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආධාර ලබාදීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
ඊට අමතරව ලබන වසරේ සිට යාපනයේ සහ නැගෙනහිර පළාත්වල විශ්වවිද්‍යාල සිසුන් 200කට ශිෂ්‍යත්ව පිරිනැමීමට ඉන්දියාව පොරොන්දු වී තිබේ.
එසේම ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ සිවිල් සේවකයන් 1500කට ඉන්දියාවේ දී පුහුණුව ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කැමැත්ත පළ කර ඇත.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
(ජනක බලල්ල)