බලශක්ති ඇමැති ඉංජිනේරු කුමාර ජයකොඩිගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබද විවිධ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය තොරතුරු පතුරවන්නන්ට එරෙහිව අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
තමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබා විදුලි හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවකු ලෙස උපාධිය ලබාගෙන ඇති බවත්, තම උපාධිය පිළිබඳ ප්‍රශ්න කරමින් පුද්ගලිකව තමාවත් නව රජයත් අපහසුතාවයට පත්කිරීමට බංකොලොත් දේශපාලන කණ්ඩායම්වල අනුග්‍රහය ලබන ඇතැම් මාධ්‍යකරුවන් කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා පවසයි.
එම සාවද්‍ය තොරතුරු පතුරවන පුද්ගලයන් හා ආයතන පිළිබද පරීක්ෂණයක් පවත්වන ලෙස බලශක්ති අමාත්‍යවරයා රහස් පොලිසියෙන් ඉල්ලා ඇත.
(ජනක බලල්ල)