20 C
Sri Lanka
Friday, January 24, 2025

අධිකරණ ඇමැතිගෙන් CIDට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

තමා අපකීර්තියට පත්කිරීමට හෝ තම දේශපාලනය කෙරෙහි ඇති විශ්වාසය බිඳදැමීමේ අරමුණින් යම් කෙනෙකු ව්‍යාජ දත්ත මෙලෙස ඇතුළත් කර ඇති දැයි සැක සහිත බව ඔහු පවසයි.

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ “ආචාර්ය හර්ෂණ නානායක්කාර” යනුවෙන් පළ කර තිබී පසුව අමාත්‍යවරයා සිදුකළ පැමිණිල්ලක් මත එය නිවැරදි කළ අතර, පසුව එය නම් උඩුගත කිරීමේ දී සිදු වු වැරදීමක් ලෙස දක්වමින් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයෙන් තමාට ලිපියක් එවා ඇති බවද ඔහු පෙන්වා දෙයි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles