නව පාසල් වාරය ආරම්භ වීමට පෙර පාසල් සිසුන් හට නිල ඇඳුම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දෙයි.
චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලබා දෙන එම නිල ඇඳුම් කට්ටල කොට්ඨාස අධ්‍යාපන කාර්යාල මගින් පාසල් වෙත යොමු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව පවසයි.
2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවය රෙදි මීටර් මිලියන 11,817ක් වන අතර, නිල ඇඳුම් ලබා දීමට නියමිත සිසුන් සංඛ්‍යාව 4,640,086ක් බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
(මානෙල් රත්නායක)