අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳ අසත්‍ය පුවත් වාර්තා කළ චෝදනාව සමථ කරගැනීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 15ක වන්දියක් ගෙවීමට ABC පුවත් නාලිකාව එකඟ වෙයි.
පසුගිය මාර්තු 10 වැනි දා ABC නාලිකාව ඔස්සේ පැවැති රූපවාහිනී සාකච්ඡාවක් අතරතුර ජෝර්ජ් ස්ටෙෆනොපොලිස්, ට්‍රම්ප් යනු ස්ත්‍රී දූෂණයට වගකිව යුතු අයෙක් බවට ප්‍රකාශ කර තිබුණි.
අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ට්‍රම්ප් නඩු මගට ගිය අතර, එම නඩුව සමථ කරගනීමට අදාළ ABC නාලිකාව ලබා දීමට එකඟ වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක වන්දියට අමතරව ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පෞද්ගලිකව කණගාටුව පළකරන විශේෂ ප්‍රකාශයක් ද ABC නාලිකාවේ විකාශ කිරීමට එකඟ වී ඇත.
(චම්ලි මධුහංස)