20.7 C
Sri Lanka
Friday, January 24, 2025

ජනපති අනුර ඉන්දියාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) සිය ඉන්දීය නිල සංචාරය ආරම්භ කළේය.

ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට විදෙස් කටයුතු ඇමැති විජිත හේරත් සහ අධිකරණ ඇමැති  හර්ෂණ රාජකරුණා ද එක්ව ඇත.

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මුගේ නිල ආරාධනයකට අනුව අද දිවයිනෙන් පිටත්ව ගිය  ශ්‍රී ලංකා දූත පිරිස ලබන 17 වැනි දා දක්වා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත අතර, එම සංචාරයේ දී ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද  හමුවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles