20 C
Sri Lanka
Friday, January 24, 2025

උත්සව සමයට බිත්තර රු.30-35 අතර මිලකට දෙනවා

එළැඹෙන උත්සව සමය වෙනුවෙන්  අද සිට බිත්තරයක් රුපියල් 30ත් 35ත් අතර සිල්ලර මිලට අලෙවි කිරීමට තීරණය කර තිබෙන බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි පවසයි.

ඒ අනුව ග්‍රෑම් 50ට අඩු සාමාන්‍ය බිත්තරයක් රුපියල් 30ත් 32ත් අතර මිලකට මිල දී ගත හැකි අතර, ග්‍රෑම් 55ට වැඩි ලොකු බිත්තරයක් රුපියල් 33ත් 35ත් අතර මිලකට මිලදී ගැනීමේ හැකියාව පවතින බව ඔහු පැවසීය.

මේ වනවිට අදාළ මිලගණන් යටතේ වෙළෙඳපොළේ බිත්තර සුලභව තිබෙන බව පැවැසූ ඔහු වැඩිදුරටත් පාරිභෝගිකයන්ට දැනුම් දෙන්නේ එම මිල ගණන්වලට ඉහළින් ඇති බිත්තර මිල දී නොගන්නා ලෙසය.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles