20 C
Sri Lanka
Friday, January 24, 2025

කතානායක පුටුවට විපක්ෂයෙන් නමක්

පුරප්පාඩු වී ඇති කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරියේ දී ආණඩු පක්ෂයෙන් ඉදිරිපත් කරන පුද්ගලයාගේ සුදුසුකම් පිළිබඳවද විශ්වාසයක් නොමැති බව ය.  

අද (15) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවැසූ අතර, එළැඹෙන 17 වැනි දා රැස්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේ දී මෙම නම යෝජනා කරන බව ඔහු අවධාරණය කළේය.

ඔහු එහිදී මෙස් ද පැවැසීය.

“වගකිවයුතු පක්ෂයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන්න ඕනේ. පැහැදිලිවම කථානායකවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙලා විතරක් ප්‍රමාණවත් නැහැ. මේ අය කරලා තියෙන්නේ රටේ ජනතාව නොමඟ යවන එක. හරි විදිහට ඔහුගේ මන්ත්‍රී ධුරයෙන් පවා ඉවත්වෙන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් අපේ බරපතළ විවේචනයක් තියෙනවා.

අපි බලාපොරොත්තු වෙනවා අඟහරුවාද දිනයේ දී අපෙනුත් කථානයකවරයෙක් යෝජනාකරන්න. මොකද අපිට විශ්වාසයක් නැහැ ඊළඟට කථානායක විදිහට මාලිමාවෙන් නම්කරන පුද්ගලයාගේ සුදුසුකම් හෝ විශ්වාසය පිළිබඳ. ඒ පිළිබදව බරපතළ සැකයක් තියෙනවා. ඊළඟ සැරෙත් අපිට රැවටෙන්න බැහැ. අපිත් රැවටිලා ඒයාට සහායෝගය දුන්නානේ. ඒ නිසා අනිවාර්යෙන් අපි මීළග පාර්ලිමේන්තු දවසේ විපක්ෂයේ නමකුත් යෝජනා වෙනවා. හැබැයි ඒ යෝජනාකරන කෙනාගේ බොරු අධ්‍යාපන සහතික නෑ.”

(ජනක බලල්ල)

More news>>>

Latest Articles