නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තම නිවස පරීක්ෂා කිරීම තුළින් තමාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි චෝදනා කරමින්, හිටපු අමාත්‍ය සුජීව සේනසිංහ විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 15 වැනි දා කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් පසුව සිදුකරන ලද විමර්ශනවල දී එවැනි වාහනයක් සම්බන්ධ කරුණු අනාවරණය නොවූ බව පෙන්වා දෙන සුජීව සේනසිංහ පවසන්නේ එමගින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවත්, ඒ වෙනුවෙන් සුදුසු වන්දියක් ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් ලෙසත් ඔහු සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන ඇතැයි පැවසේ.
(ජනක බලල්ල)