2024 වසරේ ගතවූ කාලය තුළ දී සංචාරකයන් මිලියන 1.9 ක් පමණ මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
දෙසැම්බර් මාසයේ දී ද මේ වනවිට 90,000කට අධික සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති බවද, මේ මාසය අවසන් වනවිට සංචාරකයන් 250,000ක් පමණ පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවද, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් පෙන්වා දෙයි.
ඒ අනුව මෙම වසර තුළ සංචාරක පැමිණීම ලෙස මිලියන 2.2ක ඉලක්කයක් සපුරාලීමට අපේක්ෂා කරන බවත්, එම ඉලක්කය සපුරාලීමෙන් පසු 2018 වසරෙන් පසුව මිලියන දෙකක අගයක් ඉක්මවූ ප්‍රථම අවස්ථාව මෙම වසර වනු ඇති බවත්, ඔහු වැඩිදුරටත් පැවැසීය.
(නායක බණ්ඩාර)