උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.
උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය වසරේ අවසන් පුර පසළොස්වක පොහොය ද වන අතර, ගෞතම බුදු රදුන් ලොවුතුරා බුද්ධත්වයට පත්වූ අවස්ථාවේ දී සෙවණ දුන් ඇසතු බෝධි රුක්ෂයට අනිමිස ලෝචන පූජාව සිදුකරමින් කළ ගුණ සැලකීමේ ගුණය පෙන්නුම් කළේ ද අද වැනි දිනක ය.
එමෙන්ම, සංඝමිත්තා තෙරණිනිය භික්ෂූණීන් 11 නමක් සමඟ ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ද රැගෙන ලංකාවට වැඩම කළ අතර, මෙරට මෙහෙණි සස්න පිහිටුවීම ද සිදුවූයේ උඳුවප් පුරපසළොස්වක පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සහන් වෙයි.
එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ පා පහස ලද ශ්‍රීපාද වන්දනා සමය ඇරඹෙන්නේ ද අදට යෙදී තිබෙන උඳුවප් පුර පසළොස්වක පෝය දිනයේ දී ය.
(නායක බණ්ඩාර)