තමාට ආචාර්ය උපාධියක් ඇති බව පවසා ජනතාවත්, රජයත් රැවටූ බවට වත්මන් කථානායක අසෝක සපුමල් රන්වලට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
කතානායකකවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන ආචාරධර්ම සංග්‍රහයේ 3වැනි කොටසේ 6 වැනි වගන්තිය හා 5 වැනි කොටසේ චර්යා රීති උල්ලංගනය කර ඇති අතර, එමගින් පාර්ලිමේන්තුවේ, ව්‍යවස්ථාවේ හා ඔහු ප්‍රධානත්වය දරන අනෙකුත් උත්තරීතර ආයතනවල විශ්වාසය කඩකර ඇති බැවින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කරන බව විපක්ෂය සඳහන් කරයි
වත්මන් කථානායකවරයා පසුගිය මැතිවරණයට තරග කිරීමට පෙර ද, 2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අවස්ථාවේ දී ද, පාර්ලිමේන්තුවට තේරී පත්වී කථානායක ධුරයට තෝරා පත්කර ගන්නා අවස්ථාවේදී ද, කථානායක ධුරයේ රාජකාරී භාරගැනීමෙන් පසුව ද තමාට මොරටුව විශ්ව විද්‍යාලයෙන් ලබාගත් රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ BSc උපාධියක් හා ජපානයේ වසේදා සරසවියෙන් ලබාගත් ආචාර්ය උපාධියක් ඇති බව හුවා දක්වමින්, ඔහුගේ නම සමග ආචාර්ය යනුවෙන් භාවිත කර ඇති බවත්, මේ නිසා ජනතාවගෙන් විරෝධයක් එල්ලවන අවස්ථාවේදී හා තොරතුරු විමසීමේ දී නිහඬව සත්‍ය වසන් කර ඇති බැවින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් සමගි ජන බලවේගය පෙන්වා දෙයි.
(ජනක බලල්ල)