19.3 C
Sri Lanka
Friday, January 24, 2025

කතානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

අශෝක රන්වල කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව දැනුම් දෙයි.

මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව අපහසුතාවයට පත්නොකර තමා ඉල්ලා අස්වන බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරයි.

තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ කිසිඳු සාවද්‍ය ප්‍රකාශයක් තමන් සිදුකර නොමැති බවත් අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සමහර ලියකියවිලි මේ මොහොතේ තමන් සතුව නොමැති අතර, ඒවා අදාළ ආයතනවලින් ලබා ගැනීමට සිදුව ඇති බවත් ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

තමාට ආචාර්ය උපාධිය ලබාදුන් ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත් කරන බවද අශෝක රන්වල සිය ලිපියෙන් වැඩිදුරටත් පවසයි.

(ජනක බලල්ල)

අදාළ නිවේදනය පහතින්.

More news>>>

Latest Articles