20 C
Sri Lanka
Friday, January 24, 2025

තරග පාවාදීමට යෝජනා කළ Galle Marvels හිමිකරු රිමාන්ඩ්

මුදලට තරග පාවාදීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් Galle Marvels කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතිකයා ලබන 16 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(13) නියෝග කර ඇත.

සැකකරු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයකුට තරඟ පාවාදීමකට යෝජනාවක් සිදුකර ඇති අතර, එම ක්‍රීඩකයා ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම්දීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

ලංකා T10 සුපර් ලීග් තරඟාවලියේ ‘Galle Marvels’ කණ්ඩායමේ හිමිකරු අද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පල්ලෙකැලේ ප්‍රදේශයේ දී ය.

(මානෙල් රත්නායක)

More news>>>

Latest Articles