මෙරට රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක් වන, ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කරන, හිමාලි අරුණතිලකට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේ දී ඩොලර් ලක්ෂයකට අධික දඩයක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇයගේ ගෘහ සේවිකාවක් වූ ප්‍රියංකා ධනරත්න යන අයට අයුතු ලෙස සැලකීමේ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් නියෝජ්‍ය මහ කොමසාරිස්වරියට ඩොලර් 117,028.80 ක දඩයක් නියම කිරීමට එරට ෆෙඩරල් අධිකරණය කටයුතු කර ඇත.
ශ්‍රී ලාංකිකයකු වන අදාළ ගෘහ සේවිකාව, 2016 සිට 2018 දක්වා ඇයගේ කැන්බරා නිවසේ සේවය කර ඇති අතර, හිමාලි අරුණතිලක සිය සේවිකාවට නිසි ලෙස වැටුප් ගෙවා නොමැති බැවින් අධිකරණය නියම කර ඇත්තේ දින 60ක් ඇතුළත අදාළ දඩ මුදල ගෙවන ලෙස ය.
ඊට අමතරව ප්‍රියංකා ධනරත්නට ඩොලර් 374,151.90ක වන්දියක් ගෙවීමට ද මීට පෙර හිමාලි අරුණතිලකට නියෝග කර තිබුණි.
(ජනක බලල්ල)