සමගි ජන බල සංධානයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර 04 සඳහා වන නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත යැවීමට පක්ෂ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කටයුතු කර ඇතැයි වාර්තා වේ.
හිටපු මන්ත්‍රී සුජීව සේනසිංහ, දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිෂාම් කාරියප්පර් සහ සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ මොහොමඩ් ස්මයිල් මුත්තු මොහොමඩ් යන අය මෙලෙස නම් කර ඇත.
එහි එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මීට පෙර නම්කර තිබිණි.
(ජනක බලල්ල)