හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 60 දක්වා අඩුකර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ යන අයගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් අඩු කර ඇති බවය.
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් 150 කට ආසන්න සංඛ්‍යාවක් ආපසු කැඳවා තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරින් සංඛ්‍යාව ද මේ අනුව අඩුකෙරෙන අතර, අද (12) දිනයේ එම නියෝගය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
(ජනක බලල්ල)