රජයට අයත් ලේක්හවුස් ආයතනය ප්‍රකාශයට පත්කරන දිනමිණ සහ සිළුමිණ පුවත්පත්වලට නව කර්තෘවරුන් පත්කර ඇති බව වාර්තා වේ.
දිනමිණ පුවත්පතේ කර්තෘ ලෙස සේවය කළ මනෝජ් අභයදීර සහ සිළුමිණ පුවත්පතේ වැඩබලන කර්තෘ ලෙස කටයුතු කළ ශිරෝමි අබේසිංහ ඉවත් කර ඒ වෙනුවට දිනමිණ පුවත්පතේ කර්තෘවරයා ලෙස ප්‍රවීණ ජනමාධ්‍යවේදියකු වන, ලංකාදීප පුවත්පතේ උප කර්තෘ ප්‍රදීප් දසනායක පත්කර ඇති අතර, සිළුමිණ පුවත්පතේ කර්තෘ ලෙස දිනමිණ පුවත්පතේ සේවය කළ අනුර කේ. එදිරිසුරිය පත්කර ඇතැයි වාර්තා වේ.
(ජනක බලල්ල)