20.7 C
Sri Lanka
Friday, January 24, 2025

අසාද් සාලිට 75,000 වන්දියක්

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට රුපියල් 75,000 ක වන්දියක් ගෙවන ලෙස හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.

2021 වසරේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව ඔහු විසින් ගොනු කරන ලද පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ එය නීතිවිරෝධී බවත් ඒ වෙනුවෙන් ඔහුට රුපියල් 75,000 ක වන්දියක් ගෙවන ලෙසත් ය.

මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ  හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසකි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles