ගොවීන්ට සිදු වූ වගා හානිය වෙනුවෙන් හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පූර්ණ වන්දියක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
ආපදාවලට ලක්වූ ගොවිබිම් සහ පීඩනයට පත්වූ ගොවි පවුල් ප්‍රමාණය පිළිබඳව සියල්ල මේ වනවිට තක්සේරු කරමින් පවතින බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම යුතුකම ආණ්ඩුවක් ලෙස අනිවාර්යෙන්ම ඉටු කිරීමට බැඳී සිටින බවයි.
මේ වනවිට වගා බිම් සකස්කරගැනීම සඳහා ගොවි ජනතාව වෙත ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයනවල සහාය ලබාගැනීමට ද අවස්ථාව සපයා දී ඇති නාමල් කරුණාරත්න වැඩිදුරටත් පවසයි.
(ජනක බලල්ල)