සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වරයකු ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත් කොට තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත්වීම සිදුකරනු ලැබ තිබේ.
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (10) පස්වරුවේ පිරිනමා ඇත.
(නායක බණ්ඩාර)