20.7 C
Sri Lanka
Friday, January 24, 2025

පැන ගිය සිරියා ජනපති දැන් රුසියාවේ

සිරියාවෙන් පළාගිය හිටපු ජනාධිපති බෂාර් අල්-අසාඩ් මේ වනවිට රුසියාවේ මොස්කව් නගරයේ සිටින බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිරියානු ජනපති අසාඩ් ට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ට රුසියාවේ සරණාගතභාවය ලබාදීමට රුසියාව කටයුතු කරනු ඇති බව ය.

අල්කයිඩා සංවිධානයට සම්බන්ධ Hayat Tahrir al-Sham නම් සංවිධානයට අයත් කැරලිකරුවන් නොවැම්බර් 27 වනදා අසාඩ් පාලනයට එරෙහිව කළ ක්ෂණික ආක්‍රමණයෙන් පසුව දින කිහිපයක් තුළදී එරට ප්‍රධාන නගර සිය ග්‍රහණයට ගැනීමට කැරලිකරුවන් සමත්විය.

ඔවුන් ඊයේ (08) ඩැමස්කස් නගරය ට ඇතුළුවීමත් සමග සිරියානු ජනාධිපති අසාඩ් ගුවන්යානයකින් එරටින් පළාගිය බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබිණි.

(චම්ලි මධුහංස)

More news>>>

Latest Articles