20.7 C
Sri Lanka
Friday, January 24, 2025

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරදා දකුණු අප්‍රිකාවට තරගාවලි ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායමට හැකි විය.

තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 233 ක ජයක් වාර්තා කිරිමට දකුණු අප්‍රිකාව සමත් වූ අතර, දෙවන තරගාවලියෙන්ද ලකුණු 109 ක ජයක් වාර්තා කිරීමට ඔවුන්ට හැකි විය.

දෙවන තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පළමු ඉනිම සඳහා ලකුණු 358 ක් ලබාගත්ත ද ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා එක්කර ගත්තේ ලකුණු 328 ක් පමණි.

දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 317 ක් ගනිද්දී පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 238 ක් පමණි.

(මානෙල් රත්නායක)

More news>>>

Latest Articles