20.7 C
Sri Lanka
Friday, January 24, 2025

නාවික හමුදාව 74 වැනි උපන්දිනය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වැනි සංවත්සරය ‍අදයි (09).

ඊට සමගාමීව නාවික හමුදාවේ විවිධ නිලයන්වලට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 2,138 නෙදෙකු ඊළඟ නිලයට උසස් කර ඇත.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් මත මෙම උසස්වීම් ලබා දී ඇත අතර, සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 158 ක්ද, බල නැවි තරාතිරම දක්වා නාවිකයන් 279 ක්ද, නායක නැවි තරාතිරම දක්වා නාවිකයන් 406 ක්ද, සුළු නිලධාරී තරාතිරම දක්වා නාවිකයන් 391 ක්ද, ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයන් 539 ක්ද, සමූහ ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයන් 354 ක් සහ පාලක ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයන් 11 ක්ද වශයෙන් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 2,138 ක් ඊළඟ තරාතිරම දක්වා උසස් කිරීම සිදුකර ඇත.

මෙරට නාවික හමුදාවක ආරම්භය 1937 අංක 01 දරන ස්වේච්ඡා නාවික හමුදා ආරක්‍ෂක ආඥා පනත යටතේ, රාජකීය ලංකා ස්වේච්ඡා නාවික හමුදාව 1939 වර්ෂයේ දී ස්ථාපිත කිරීම මඟින් සිදු වී ඇත.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles