20 C
Sri Lanka
Friday, January 24, 2025

රු. ලක්ෂ 70ක ඉ-සිගරට් තොගයක් සමග පුද්ගලයෙක් රේගු දැලේ

ඩුබායි සිට රැගෙන ආ රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ඉ-සිගරට් තොගයක් සමග 50 වියැති මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් ඊයේ (06) සමත් විය.

සැකකරු නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි ව්‍යාපාරිකයකු වන අතර, ඔහු සිය බිරිඳ සහ ඔවුන්ගේ ළමුන් දෙදෙනා ද සමග කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණේ ඊයේ පස්වරු 04.35 ට ඩුබායි සිට, ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 549 දරන ගුවන් යානයෙනි.

සැකකරු ගමන් මලු 08 ක් තුළ, විවිධ ස්ථාන වල කුඩා පාර්සල් ලෙස මෙම චීනයේ නිෂ්පාදිත  ඉ-සිගරට් 740ක් සහ ‘බෙන්සන් ඇන්ඩ් හෙජස්’ වර්ගයේ දුම්වැටි 780 ක්  සඟවා තිබිය දී රේගු පරීක්ෂණවලින් සොයාගෙන ඇත.

තමන් වෙත ලැබී තිබූ ඇනවුම් මත මෙම දුම්වැටි තොගය මෙරටට රැගෙන ඒමට කටයුතු කළ බව ව්‍යාපාරිකයා රේගු නිලධාරීන්ට පවසා ඇත.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles