වසර 25 කාලයක් මින්නේරිය හා කවුඩුල්ල යන ජාතික වනෝද්‍යාන නිජභූමිය කරගනිමින් ජීවත් වූ ‘පොඩි දළ පූට්ටුවා’ හෙවත් ‘කෝලිය’ නමැති ඇතා අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.
මින්නේරිය රොටවැව ඇළ රක්ෂිත කලාපයේ දී ඔහු මිය ගොස් ඇති අතර, මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ද පැවසේ.
මිය මනවිට අවුරුදු 25 ක් වූ කෝලිය ඇතාගේ උස අඩි 08 ක් බව අතර, ඔහුගේ එක් දළයක දිග අඩි 04 යි අගල් 04ක් පමණ බව බව වනජීවී දෙපාර්තමේන්තු වාර්තාවල සඳහන් වෙයි.
(නායක බණ්ඩාර)