පසුගිය රජය සමයේ මත්පැන් අළෙවි බලපත්‍ර වාර්ෂික ගාස්තු වැඩි කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නියෝග කර ඇත.
ශ්‍රී ලංකා මත්පැන් අළෙවි බලපත්‍ර හිමියන්ගේ සංගමය විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබ තිබේ.
මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසකි.
(ජනක බලල්ල)