20 C
Sri Lanka
Friday, January 24, 2025

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට භාර දෙයි

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් අද (06) මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත භාර දෙනු ලැබිණි.

විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය පවසන්නේ අද දිනයේ ලබා දුන් යෝජනාවට අනුව ලබන වසරේ පළමු මාස 06 සඳහා වන විදුලි බිල් ගාස්තු සංශෝධනය සිදුකෙරෙනු ඇති බව ය.
කෙසේ වෙතත් මෙම වසරේ අවස්ථා තුනක දී විදුලි ගාස්තු සංශෝධනය කිරීමට නියමිතව තිබුණත්, අදාළ යෝජනාව නියමිත වේලාවට තමා වෙත ලබා නොදීමෙන් එය ලබන වසර දක්වා කල් දැමීමට සිදුවන බව ද මහජන උපයෝගිතා කොමිසම මීට පෙර පවසා තිබිණි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles