අවුරුදු 12 ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි අද (06) පැවසීය.
පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඊට අදාළ 2025 ජනවාරි 01 වැනි දා සිට අදාළ නීතිය ක්‍රියාත්මක බව ය.
කාලයක් තිස්සේ පැවැති රජයන් විසින් කල් මරනු ලබමින් තිබුණු මෙම මෙය නීතියක් ලෙස බලාත්මක කිරීමට අදාළ ගැසට් නිවේදනය බලාත්මක කිරීමට සියලු කටයුතු මේ වනවිට යොදා ඇති බව ද ඔහු පැවැසීය.
(මානෙල් රත්නායක)