කැලිෆෝනියාවේ ප්‍රබල භූමිකම්පාවක් ඇතිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එය ච්ටර් මාපකයේ 7.0 ක් ලෙස සටහන් වී තිබුණු බවත්, එය කැලිෆෝනියාවේ වෙරළබඩ නගරයක් වන Ferndale සිට කිලෝමීටර් 68 ක් පමණ ඔබ්බෙන් හටගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් මෙය සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබුණු අතර, එම නිසා අදාළ ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් ප්‍රදේශයෙන් ඉවත්වීමට කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් පසුව කැලිෆෝනියා සහ ඔරිගන් සඳහා නිකුත් කළ සුනාමි අවදානම ඉවත් කරන බව ඔවුන් නිවේදනය කර තිබුණු අතර, භූ කම්පනයෙන් එම ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල ගොඩනැගිලි කිහිපයක කොටස් කඩා වැටී තිබුණද සමස්තයක් ලෙස ඉන් වැඩි හානියක් සිදු නොවූ බව වාර්තා වෙයි.
(චම්ලි මධුහංස)