20 C
Sri Lanka
Friday, January 24, 2025

ආදායම් වියදම් වාර්තා ලබාදීමට දුන් කාලය හෙටින් අවසන්

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කළ සියලු අපේක්ෂකයන්ගේ ආදායම් සහ වියදම් වාර්තා ලබාදීමට ලබා දී දී තිබුනු කාලය හෙට (06) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට වන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

එහි සභාපති ආර්. එම්. ඒ. එල්  රත්නායක සඳහන් කළේ මැතිවරණය සඳහා ඉදිරිපත්වූ අපේක්ෂකයන් 8361 දෙනාගෙන් මේ වනවිට එම වාර්තා කොමිසම වෙත ලබා දී ඇත්තේ අපේක්ෂකයන් 1985 දෙනෙකු පමණක් බව ය.

නියමිත කාලසීමාව තුළ අදාළ වාර්තා ලබා නොදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවරගන්නා බවද ඔහු සඳහන් කළේය.

මෙම වාර්තා භාරදීමට අපොහොසත් වන පුද්ගලයන් හට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කොමිසම කටයුතු කරන බවත්, ඒ අනුව එම පුද්ගලයන් හට වසර 3ක ඡන්ද අයිතිය සහ ඉදිරි මැතිවරණ සඳහා එම කාලය තුළ ඉදිරිපත් වීමේ හැකියාවද අහිමි වනු ඇති බවත් කොමිසම පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙතෙක් එම වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන් සඳහා හෙට (06) සියලු දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් වෙත එම ලේඛන භාර දීමට අවස්ථාව සලසා දී ඇති බව ද මැතිවරණ කොමිසමේ  සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles