20 C
Sri Lanka
Friday, January 24, 2025

රේගුවෙන් ට්‍රිලියන 1.38ක බදු ආදායමක්

වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් ට්‍රිලියන 1.38 ක බදු ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, එහි අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් සීවලී අරුක්ගොඩ පවසයි.

2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවේ බදු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 1.53ක් බවත්, මේ බදු වසර අවසන් වීමට පෙර තුළ එම ඉලක්කය පසුකර යෑමට හැකිවනු ඇති බවත්, ඔහු සඳහන් කළේය.

මේ අතර මහජනතාවගේ පහසුව වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව නව යෙදවුම් 2ක් හඳුන්වා දී තිබෙන බවද, ආනයන – අපනයන නිශ්කාෂණය සහ ආනයනය කරන ලද රථවාහනවල නීත්‍යානුකූල බව තහවුරු කර ගැනීමට එම යෙදවුම් නිර්මාණය කර ඇති බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

මේ වසරේ දී වාහන ආනයනයේ දී නීත්‍යනුකූලබව පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියෙන් පමණක් අති විශාල බදු ආදායමක් එක්කර ගතහැකි වූ බව පෙන්වා දුන් රේගුව වැඩි දුරටත් පවසන්නේ වාහන ආනයනය ආරම්භ වුවහොත් විශාල රේගු ආදායමක් ලබා ගැනීමට හැකියාව පවතින බවය.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles